Connect with us

පුවත්

කාදිනල් උන්වහන්සෙට ඕන මාව හිරේ යවන්නයි – මෛත්‍රී

Published

on

සහරාන්ගේ ගෝලයෝ සුවසේ හිරගෙදර සැප විඳිද්දී තමා මරාගන කන්න උත්සාහ කරන බවත්, කාදිනල් උන්නාන්සේට අවශ්‍යව ඇත්තේ තමා හිරේ දැමීමට හෝ එල්ලුම් ගස් යැවීමට බවත්, සති තුනකින් තමා සහරාන්ගේ කල්ලිය විනාශ කළ බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

මම ජනාධිපති ලෙස හිටපු කාලේ පාස්කු ප්‍රහාරය ඇතිවෙච්ච වෙලාවේ සති තුනක් ඇතුළත සහරාන්ගේ ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුළුවන්කම ලැබුණා. ඒක කරන්න පුළුවන් වුණේ ඒ වෙලාවේ පැවැති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිසයි. රටකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් අවශ්‍යයි. මේ පනත බරපතළ වැඩියි, දරුණු වැඩියි කියලා මගේ කාලයේදීත් ජාත්‍යන්තරයෙන් බලපෑම් ආවා. ඒ පනත අහෝසි කරලා තමයි මේ අලුත් පනතක් එන්නේ.

ලෝකයේ ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවූ පසුව ඒවායේ වාර්තා එන්න අවුරුදු දහය පහළොව ගිහින් තියෙනවා. අපේ රටේ පනතක් මගින් සිදුවිය යුත්තේ එවැනි ආකාරයේ ප්‍රමාදයන් සිදු නොවී පවතින නීතිමය බලය ත්‍රස්තවාදය සඳහා පමණක් භාවිත කිරීමයි.

පාස්කු ප්‍රහාරය ගැන අද අවුල් සහගත තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අද වනතුරු අවසන් පරීක්ෂණ වාර්තාවක් නෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදය සඳහා පමණයි වෙනත් කාරණා සඳහා නොවෙයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව කොමසාරිස්වරු ගිහින් හිටපු ජනාධිපතිවරයාට භාර දෙද්දී, වෙනම ෆයිල් එකක් ගිහින් භාර දුන්නා ජනාධිපතිට විතරක්. ඒවත් දෙන්න එළියට. කාදිනල් උන්නාන්සේට ලොකු වුවමනාවක් තියෙනවා මේක ඉක්මනට ඉවර කරලා මාව හිරේ දාන්න හරි එල්ලුම් ගස් යවන්න හරි. නමුත් ඒ පාපකර්මය ඔහු ඉවර කරන්න හදන්නේ මේ පරීක්ෂණ ඉවර නොවී. මේ පරීක්ෂණ තවමත් යවනවා. ලෝකයේ රටවල් ගණනක බුද්ධි අංශවල විශේෂඥයෝ ලංකාවට ආවා. සහරාන්ගේ ජංගම දුරකථනයේ දත්ත එක්තරා රටක බුද්ධි අංශවලට ගෙනියන්න දුන්නේ කවුද. ඒවායේත් ඇති කරුණු. මේක නූල් බෝලයක් වගේ පැටලුණු එකක්.

පාස්කු ප්‍රහාරයේ වාර්තාව කතෝලික සභාවට දෙන්න පෙර පාර්ලිමේන්තුවට දෙන්න.මාව මරාගෙන විතරනේ කන්න හදන්නේ. මගේ මස් මාළු ඇට මිදුලු විතරයි කන්න හදන්නේ. සහරාන්ගේ ගෝලයෝ ඉන්නවා. මම සති තුනකින් සහරාන්ගේ කල්ලිය විනාශ කළා. පෙර කරුමයක් මගේ පස්සේ එළවනවා. බෝම්බ ගහපු එවුන්ට විරුද්ධව නඩු පවරපල්ලකෝ. ඒ පස්සේ පලයල්ලකෝ. ත්‍රස්තයෝ හොඳට නාලා,සබන් ගාගෙන,කාලා බීලා හිර ගෙදර ඉන්නවා. අපිට තමයි වැඩේ දෙන්න හදන්නේ. මේක වෙන ලයින් එකක්.

පුවත්

හෙල්මටයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි

Published

on

By

බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේදී ආරක්ෂිත හිස්වැසුමකින් පහර දී තරුණයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදුවු බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ප්‍රහාරය සිදුව ඇති බවය.

ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර යළි හොරණ රෝහලට මාරුකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පහරදීම සිදුකිරීම සම්බන්ධයෙන් 23 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බුලත්සිංහල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.  

Continue Reading

පුවත්

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

Published

on

By

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවය.

අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Continue Reading

පුවත්

ඉන්ධන හිඟයක් නැහැ

Published

on

By

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස 2 කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ වනවිට සහතික කර ඇති බවය.

“ජනතාවට කියන්න ඕනේ කිසිදු ගැටලුවක් නැතුව තව මාස දෙකකට අවශ්‍ය තෙල් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ ඇනවුම් සහතික වෙලා තියෙනවා. මේ රටේ කිසිම හේතුවක් නිසා තව මාස දෙකක් වෙනතුරු කිසිදු තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ගැටලුව තියෙන්නේ අපිට තෙල් ලැබෙන්නේ මොන මොන තැන්වලින් ද කියලා. එතකොට යුද්ධයේ බලපෑමක් තියෙනවාද කියන එක තමයි ඊට පස්සේ අපි බලන්න ඕනේ.”

පවතින තත්ත්වය හමුවේ නීතිවිරෝධී ලෙස ඉන්ධන සංචිත රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ඩී. ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපි ළඟ තියෙන වාර්තා අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ යුද්ධය තියෙන කලාපයෙන් නෙමෙයි. එම තෙල් අපිට එන්නේ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාවේ සිකාවලින්. එකම එකක් තිබුණා ඕමාන්වලින් ආනයනය කළා. ඒකත් හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැම්මත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි එකේ සැපයුම්කරුවන්ට කතා කරලා ඒක සම්පූර්ණ තහවුරු කරන්න ඉන්නේ. ඩීසල් ගත්තා සම්පුර්ණ එහෙමයි යුදමය කලාපයෙන් නෙමෙයි අවසන් නිමැයුම් හැටියට අපිට ලැබෙන්නේ.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved