පුවත්

කාන්තාවට අනිසි බලපෑම් කල පාසල් සිසුවාට පහර දුන් අය සොයයි

Published

on

කාන්තාවකට අයුතු බලපෑම් කළ 16 හැවිරිදි පාසල් සිසුවෙකුට පහර දුන් පිරිස සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම පාසල් සිසුවා විසින් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් හට අයුතු බලපෑම් කර ඇති අතර පසුව එම කාන්තාව විසින් ඇගේ සැමියාට මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.

පසුව එම සිසුවා සොයා කාර් රථයකින් පැමිණි සැමියා ඇතුළු කණ්ඩායමක් එම සිසුවා පැහැරගෙන ගොස් පහර දී ඇත.

පහරකෑමට ලක්වූ සිසුවා ඔවුන්ගෙන් මිදී පලාගොස් ඇති අතර සිය පියාද සමඟ මිනුවන්ගොඩ පොලිස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව පොලීසිය පවසයි.

අදාළ සැකකරුවන් සොයා කණ්ඩායම් කීපයක් විමර්ශන සිදු කරන අතර පහර කෑමට ලක්වූ සිසුවා හට රෝහල්ගත වීමට මිනුවන්ගොඩ පොලිසිය උපදෙස් ලබාදී ඇත.

Trending

Exit mobile version