Connect with us

පුවත්

කාන්තා හිංසන චෝදනා ගැන පියවර ගන්නැති කතා බොරු  – පාර්ලිමේන්තුවේ මහලේකම්

Published

on

පාර්ලිමේන්තුව තුළ සේවිකාවන්ට මෙන්ම ඇතැම් මන්ත්‍රීවරියන්ට ලිංගික හිංසන නිරන්තරයෙන් සිදුවන බවටත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමට සහ පියවර ගැනීම සිදු නොකරන බවටත් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කර සිටියි.

පාර්ලිමේන්තුව තුළ විනය කඩකිරීම්වලට අදාළ සිදුවීම් වාර්තාවීමේදී ඊට අදාළ විමර්ශන කටයුතු කථානායකවරයාගේ මගපෙන්වීමෙන් ඉතා අපක්ෂපාතීව පැවැත්වෙන බවත් කඩිනම් විමර්ශන සදහා කථානායකවරයා සිය උපරිම දායකත්වය ලබා දීම මිස කිසිදු අයුරකින් බාධා කිරීමක් හෝ බලපෑමක් සිදු නොකළ බවත් රෝහණදීර මහත්මිය අවධාරණය කර සිටියාය.

මීට පෙර එක් අවස්ථාවකදී සේවිකාවන් කිහිප දෙනෙකුට ලිංගික හිරිහැර සිදුවූවා යැයි පැවසෙන සිද්ධියක් වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් පත්කළ අභ්‍යන්තර කමිටුව විසින් ඉතා අපක්ෂපාති විමර්ශනයක් සිදුකර එහි විමර්ශන වාර්තාව මේ වන විට තමාවෙත භාරදී ඇති බව මහලේකම්වරිය පැවසීය. එසේම ඊට සම්බන්ධ යැයි සැකකෙරෙන ප්‍රධාන නිලධාරියා මේවන විට වැඩ තහනමකට ලක්ව ඇති බවත් මේ අනුව ඊට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගැනීමට නියමිත බවත් ඇය පෙන්වා දුන්නාය. එසේම මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කොට නීතිය ක්‍රියාත්මක කිරීම සදහා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් මහලේකම්වරිය පැවසීය.

මෙම හිංසන සම්බන්ධයෙන් විපක්ෂනායකවරයාට ලිපියක් මගින් දැනුම් දුන්න ද ඊට නිසි ක්‍රියාමාර්ග නොගත් බවට පළවන වාර්තා ද සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එවැනි ලිපියක් විපක්ෂ නායකවරයාට මේ වන තෙක් ලැබී නොමැති බවට විපක්ෂ නායක කාර්යාලය තහවුරු කර ඇති බව මහලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. 

පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස මහලේකම්ධුරය කාන්තාවක් වන තමා දරන්නේ ද, පාර්ලිමේන්තුවේ අංශ ගණනාවක ප්‍රධානීන් ලෙස කටයුතු කිරීමට කාන්තාවන්ට අවස්ථාව හිමිව ඇත්තේද පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ට සිය රාජකාරි කිසිදු බලපෑමකින් හෝ හිංසනයකින් තොරව ඉටුකිරීමට හැකි පරිසරයක් හා සංස්කෘතියක් පවතින බැවින් යැයි ද මහලේකම්වරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙවැනි තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහ ගරු කථානායකවරයාගේ කීර්තිනාමයට හානිවන පරිදි මුළුමනින්ම අසත්‍ය, ගොතන ලද පදනම් විරහිත තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් අතිශයින් කණගාටුව ප්‍රකාශ කරන බවත් එවැනි පළ කිරීම් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මහලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.  

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved