Connect with us

පුවත්

කාර් ප්‍රශ්නයකට අටමස්ථාන නාහිමිට අධිකරණයේ පෙනී සිටින්න කියයි

Published

on

මීට දෙමසකට පෙර අපවත්වූ අනුරාධපුර අටමස්ථානධිපතිව සිටි පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ නමින් ඇති උන්වහන්සේ ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යනුකූල අයිතිය තමන්ට පවරා ගැනීමට අයිතියක් ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකු අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එය සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහෙස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වත්මන් අටමස්ථානාධිපති ප්‍රවීණ ගීත රචක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ තිදෙනකුට සහ අටමස්ථාන කාරක සභාවට පෙබරවාරි මස 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කළාය.

එමෙන්ම මෙම නඩුවට අදාළව විරෝධතා ඇත්නම් එදිනට හෝ එදිනට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටද දිසා විනිසුරුවරිය වගඋත්තරකරුවන්ට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.

අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන අනුරාධපුර නිදහස් මාවත ඉසුරුපුර අංක 3 ඒ 2 ඒ 260 ලිපිනයේ පේලිමුහන්දිරම් අප්පුහාමිලගේ චන්දානන්ද යන අය නීතිඥ දසුනි කුමාරසිංහ මගින් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අනුරාධපුර බෝමලුව පන්සල (ජයශ්‍රී මහ බෝධි විහාරය) ලිපිනයේ අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි, කේ. ඤාණසිරි හිමි සහ අනුරාධපුර පැරණි නගරය ථූපාරාම පන්සල ලිපිනයේ ථූපරාමාධිකාරි ඥානින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාවයි.

පෙත්සම්කාර පේලිමුහන්දිරම් අප්පුහාමිලාගේ චන්දානන්ද යන අය අනුරාධපුර දිසා අධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ අටමස්ථානධිපතිව සිටි පල්ලේගම සිරිනිවාස හිමියන් සමග තමා වසර 19 ක කාලයක් කිට්ටු ඇසුරක් පවත්වා ගෙන ගිය බවය.

වසර 25 කට අධික කාලයක් අනුරාධපුර අටමස්ථානධිපති ධුරය දැරූ පල්ලේගම සිරිනිවාස හිමියන් 2022 ඔක්තෝබර් මස 18 වැනි දින අපවත් වූ බවත් ඒ හිමියන් අසනීප තත්ත්වයෙන් සිටි ඒ සෑම අවස්ථාවකදීම එම හිමියන්ගේ ප්‍රතිකාර කටයුතු සොයා බලා අවශ්‍ය කටයුතු සපයා දෙමින් තම පියකු මෙන් රැක බලා ගත්තේ තමන් බවද පවසන පෙත්සම්කරු අනුරාධපුරයේ මෙන්ම අගනුවර සහ මහනුවර වැනි ප්‍රධාන නගරවල සේවය කළ විශේෂඥ වෛද්‍යරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යාමේදී සිරිනිවාස හිමියන්ගේ දැඩි විශ්වාසය දිනා ගෙන කටයුතු කළේ තමන් බවද කියා සිටී.

සිරිනිවාස හිමියන් අපවත් වන අවස්ථාවේදී පවා ඇප උපස්ථාන සඳහා කැපවී සිටි පුද්ගලයා තමන් බවද ප්‍රකාශ කරන පෙත්සම්කරු එසේම සිරිනිවාස හිමියන් ජීවත්ව සිටි කාලයේ එම හිමියන් විසින් උපයා සපයාගත් සාංඝික නොවන තම පුද්ගලික ධනයයෙන් දේපළ කිහිපයක් මිලදීගත් බවත් එම මිලදී ගැනීම් කටයුතුවලදී සිරිනිවාස හිමියන් තමන්ගේ උපකාර ඇතිව එම මිලදී ගැනීම් සිදු කළ බවත් එලෙස මිලදීගත් දේපොළවල නිර්වද්‍යතාව සොයා බැලුවේ තමන් බවත් සඳහන් කර ඇත.

වසර ගණනාවක් රෝගීව සිටි සිරිනිවාස හිමියන් 2022 ඔක්තෝබර් මස මුල් සතියේදී දැඩි ලෙස රෝගී වූ බවද කියා සිටින පෙත්සම්කරු එලෙස දැඩි ලෙස රෝගී වූ අවස්ථාවේ සිරිනිවාස හිමියන් තමන් අමතා උන්වහන්සේගේ නීති කටයුතු සිදු කරන නීතිඥවරයා උන්වහන්සේට මුණගස්වන ලෙසට තමන්ට දැනුම් දුන් බවද පෙත්සම්කරු ප්‍රකාශ කොට තිබේ.

එම දැනුම් දීමට අනුව අදාළ නීතිඥවරයා සිරිනිවාස හිමියන්ට සම්බන්ධ කොට දුන් බවත් අධිකරණයට ප්‍රකාශ කොට ඇති පෙත්සම්කරු ඒ අනුව සිරිනිවාස හිමියන් විසින් නීතිඥවරයාට ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය ලේඛන සපයා දෙන ලෙසට තමන්ට උපදෙස් දුන් බවත් කියා තිබේ.

එලෙස උපදෙස් ලබාදී දින දෙකකට පසුව අදාළ නීතිඥවරයා සිරිනිවාස හිමියන් ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ පෞද්ගලික රෝහලට පැමිණි බවද කියා සිටින පෙත්සම්කරු එහිදී පැවරීමේ ලේඛන අත්සන් කොට එන්සී/සීඒඩබ්ලිව්/ 1310 අංක දරන suv වර්ගයේ ජීප් රථයේ සහ එන්සී/සීබීඑල්/5353 අක දරන ටොයෝටා ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයේ අයිතිය තමා වෙත පවරා දෙමින් ඒවා පවරා ගෙන හොඳින් එම වාහන රැකබලා ගන්නා ලෙසට සිරිනිවාස හිමියන් තමන්ට උපදෙස් දුන් බවත් කියා සිටී.

ඒ අනුව මෙම වාහන පැවරීමේ සහ පවරා ගැනීමේ ලේඛන නීතිඥවරයා විසින් තමන්ට ලබා දීමෙන් අනතුරුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට පවරා ගැනීමේ කටයුතු සිදුකර ගැනීම සඳහා භාර දුන් බවත් ස්වකීය පෙත්සම මගින් ප්‍රකාශ කොට ඇත.

තමාට පවරා දුන් වාහනවල ලියාපදිංචි අයිතිය පවරා ගැනීමට යාමේදී මෙම නඩුවේ වගඋත්තරකාර හිමිවරුන් විසින් එකී වාහනවල අයිතිය බැහැර නොකරන ලෙසට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වෙත දන්වමින් අදාළ වාහන පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ පෞද්ගලික දේපොළක් නොවන බවත් එම වාහන අටමස්ථානයට අයත් දේපොළක් බවටත් අසත්‍ය කරුණු සපයා බාධා පමුණුවා ඇති බවද පෙත්සම්කරු සඳහන් කොට තිබේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

Published

on

By

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවය.

අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Continue Reading

පුවත්

ඉන්ධන හිඟයක් නැහැ

Published

on

By

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස 2 කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ වනවිට සහතික කර ඇති බවය.

“ජනතාවට කියන්න ඕනේ කිසිදු ගැටලුවක් නැතුව තව මාස දෙකකට අවශ්‍ය තෙල් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ ඇනවුම් සහතික වෙලා තියෙනවා. මේ රටේ කිසිම හේතුවක් නිසා තව මාස දෙකක් වෙනතුරු කිසිදු තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ගැටලුව තියෙන්නේ අපිට තෙල් ලැබෙන්නේ මොන මොන තැන්වලින් ද කියලා. එතකොට යුද්ධයේ බලපෑමක් තියෙනවාද කියන එක තමයි ඊට පස්සේ අපි බලන්න ඕනේ.”

පවතින තත්ත්වය හමුවේ නීතිවිරෝධී ලෙස ඉන්ධන සංචිත රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ඩී. ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපි ළඟ තියෙන වාර්තා අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ යුද්ධය තියෙන කලාපයෙන් නෙමෙයි. එම තෙල් අපිට එන්නේ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාවේ සිකාවලින්. එකම එකක් තිබුණා ඕමාන්වලින් ආනයනය කළා. ඒකත් හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැම්මත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි එකේ සැපයුම්කරුවන්ට කතා කරලා ඒක සම්පූර්ණ තහවුරු කරන්න ඉන්නේ. ඩීසල් ගත්තා සම්පුර්ණ එහෙමයි යුදමය කලාපයෙන් නෙමෙයි අවසන් නිමැයුම් හැටියට අපිට ලැබෙන්නේ.”

Continue Reading

පුවත්

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට

Published

on

By

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අසාධාරණ ලෙස බස් රථයක් යෙදවීමට විරෝධය දක්වමින්ය.

වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටින මගීන් වෙනුවෙන්  ලංගම බස් රථ යෙදීමට කටයුතු කර  තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved