පුවත්

කාර් හොරුන් පොලිස් දැලේ!

Published

on

පසුගිය 27 දින තලවතුගොඩ හේමාස් පෞද්ගලික රෝහල් රථහලේ දී මෝටර් රථයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් විසින් සොරකම් කරන ලද මෝටර් රථය, ජංගම දුරකතන දෙකක්, විවිධ වර්ගයේ සිම්පත්, නවතා තිබූ මෝටර් රථය ස්කෑන් කර පණ ගැන්වීමට භාවිත කළ යන්ත්‍රයක් සහ සැකකරුවන් පැමිණි මෝටර් රථය ද සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 39 වයස්වල පසුවන අතර, ඔවුන් තිහගොඩ සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (30) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version