Connect with us

පුවත්

කාලගුණයේ වෙනසක්

Published

on

අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාවන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බවද එම දෙපාර්තුමේන්තුව කියා සිටියේය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශා වලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක පමණ වන අතර, පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 60ක් දක්වා ඉහළ යා හැකිය.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යාහැකිය.

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියලා සිටියේය.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බවද එම දෙපාර්තුමේන්තුව සදහන් කලේය.

පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතියි.

එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවය.

පුවත්

රුහුණු මහා කතරගම දේවාලයේ දෙවන පෙරහර අදයි

Published

on

By

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන පෙරහර අද රාත්‍රී 7.30ට යෙදෙන සුබ මොහොතින් වීථී සංචාරය කිරීමට නියමිතය.
 
පෙරහර මංගල්‍ය ලබන මස 10 වනදා දක්වා පැවැත්වෙන අතර, දිය කැපීමේ මංගල්‍ය ඊට පසුදින සිදු කිරීමට නියමිතය
 
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථ වාහන පාලන කටයුතු සදහා පොලිස් නිලධාරී 1050ක පිරිසක් යොදවා ඇති බවය.
 
මීට අමතරව පානම සිය යාල රක්ෂිතය හරහා පෙරහර මංගල්‍යයට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සුභ සාධන කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහය ද ලබාදී තිබේ.

Continue Reading

පුවත්

උඩරට දුම්රිය ධාවනයට බාධා

Published

on

By

රඹුක්කන දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය කටයුතු සඳහා බාධා එල්ලවී තිබේ.

කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටල දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට සම්පූර්ණයෙන්ම බාධා එල්ලවී ඇති අතර බස් රථ යොදවා මගීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුකරන බවද දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මේ වනවිට පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණ ද ඒ් සඳහා තවත් වේලාවක් ගතවෙනු ඇති බවද ඔහු සඳහන් කළේය. 

Continue Reading

පුවත්

අනුරාධපුර රෝහලේ  අසූචි මිශ්‍ර ජලය මල්වතු ඔයට!

Published

on

By

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකතුවන රෝගීන්ගේ මල මූත්‍රා සහිත අපවිත්‍ර ජලය අවිධිමත්ව බැහැර කිරීම තුළින් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගතවීමේ අවදානමක් මතුවී ඇති බව ප්‍රදේශවාසිහු පවසති.

ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් සඳහන් කළේ, රෝහලෙන් මුදාහැරෙන අපවිත්‍ර ජලය නගරයේ මධ්‍යම කානු පද්ධතිය හරහා අනුරාධපුර මල්වතු ඔයට එකතුවීමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය.

මෙම තත්ත්වය හමුවේ ස්වභා උයන ආශ්‍රිත ප්‍රදේශය තුළ දැඩි දුර්ගන්ධයක් පවතින බැවින් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට ගැවසිය නොහැකි තත්ත්වයක් ද උද්ගතවී ඇත.

එසේම මෙම අපවිත්‍ර ජලය මල්වතු ඔයට එකතුවීමෙන් එහි දියනෑමේ නිරත ප්‍රදේශවාසින්ට මෙන්ම සංචාරකයින්ට ද සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බව ප්‍රදේශවාසින් පෙන්වා දෙයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මනුෂ්‍යත්වය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමි පැවසුවේ මෙම ගැටලුව විසඳීමට වගකිවයුතු බලධාරින් කඩිනමින් කටයුතු නොකළහොත් නුදුරේදීම ප්‍රදේශය ආශ්‍රිතව සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවිය හැකි බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved