පුවත්

කාලගුණේ නිසා 50,000කට විදුලිය විසන්ධි වෙලා!

Published

on

අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිවයින පුරා විදුලිය බිඳවැටීම් 14,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම පාරිභෝගිකයන් පනස් දහසකට පමණ විදුලිය විසන්ධි වී තිබෙන බවද අමාත්‍යවරයා කීය.

නුවරඑළිය, මහනුවර වැනි ප්‍රදේශ වල සහ ජලාශ ආශ්‍රිතව මෙන්ම වර්ෂාපතනය අධිකව පවතින ප්‍රදේශ වල මේ තත්වය වාර්තා වෙන බවද එය කඩිනමින් යථා තත්ත්වයට පත් පත් කිරීමට විදුලි බල මණ්ඩලය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.

Trending

Exit mobile version