පුවත්

කාලගුණේ හෙට සියලු පාසල් වසා දමයි!

Published

on

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (09) දිනයේ රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යංශය නිවේදනය කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් අද දිනයේ ද ඌව පළාතේ පාසල් රැසකට නිවාඩු ලබා දුන් අතර හෙට දිනයේත් මෙම තත්ත්යට පැවැතිය හැකි බැවින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරනය ගත් බව ද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මෙම තීරණයට අනුව කතෝලික සියලු පාසල් ද හෙට දිනයේ පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, ’මෑන් ඩුවෝස්’ නම් එම සුළි කුණාටුව මෙරටට ද බලපා ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කරණ මධ්‍යස්ථානය සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරු හෙට දිනයේ පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Trending

Exit mobile version