රාගල – වලපනේ මාර්ගයේ හරස්බැද්ද ප්‍රදේශයේ දී ඊයේ (30) සවස සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
වලපනේ ප්‍රදේශයේ කෝවිලක පැවති පූජාවකට සහභාගී වීමට පැමිණි පිරිසක් ආපසු කැබ්රථයකින් යමින් සිටිය දී මෙසේ අනතුරට ලක්වී තිබේ.
කෝවිලේ පූජාවට සහභාගී වී නැවත නිවෙස් බලා ගමන් කරන අතරතුර හරස්බැද්ද ප්‍රදේශයේ දී කැබ් රථයේ පිටුපස ඇන්ද කැඩී රථයේ ගමන් ගත් පිරිස මාර්ගයට ඇද වැටී ඇත.
එහිදී තුවාල ලැබු පිරිස වලපනේ හා රිකිල්ලගස්කඩ රෝහල් වෙත ඇතුළත් කළ අතර කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව රාගල පොලීසිය පවසයි.