පුවත්

කැබිනට් අනුමැතිය ලැබුණු ලයිට්බිල ජනතාවට දරන්න බෑ –  PUCSL

Published

on

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති නව විදුලි ගාස්තු සංශෝධනය කිසිසේත් මහජනතාවට දරා ගත නොහැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියා සිටී.

එහි සභාපති ජනක රත්නායක මහතා ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එලෙස විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් විදුලි කප්පාදු හේතුවෙන් රටේ ඇති වූ දේශපාලන හා ආර්ථික ගැටලු යළි ඇතිවිය හැකි බවයි.

මේ අතර, රුපියල් ලක්ෂ 5 ඉක්මවූ හිඟ විදුලි බිල්පත් සහිත දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූන්ගේ තොරතුරු ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ ද මෙතෙක් එම තොරතුරු ලබා දී නොමැති බව තුන් හෙළ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පැවසූහ.

ඒ පසුගිය 02දා පැවති මාධ්‍ය හමුවකදීය.

Trending

Exit mobile version