Connect with us

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

පුවත්

මහින්දානන්ද ගෙදරින් කෑම ඉල්ලයි

Published

on

By

තමන්ට නිවසින් රැගෙන එනු ලබන ආහාර පාන ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

හිටපු අමාත්‍යවරයා මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ “එම් ටූ” වාට්ටුවේ තවත් රැඳවියන් 10කට ආසන්න පිරිසක් සමග රඳවා සිටින බව වාර්තා වේ.

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද රඳවා සිටින්නේ මෙම වාට්ටුවේම බව සඳහන්ය.

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු ඔහුට ද වෙනත් රැඳවියන්ට ලබා දෙන සියලු පහසුකම් ලබාදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

වනජීවියේ 4,530කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමින් සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ ඒ අනුව නිලධාරීන් 4,530 කට ස්ථිර පත්වීම් ලබාදෙන බවය.

මේ තුළින් විදුලි වැට නඩත්තු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට විදුලි වැට කිලෝ මීටර් 5000කට අධික ප්‍රමාණයක ඉදිකර ඇති බවය.

Continue Reading

පුවත්

දුම්රිය හරස් මාර්ගයකදී වාහන 3ක් එකිනෙක ගැටේ

Published

on

By

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මැරවල දුම්රිය හරස් මාර්ගයේ වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ.

අද (21) උදෑසන උදෑසන 6.25 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

හලාවත මැරවල දුම්රිය හරස් මාර්ගය දුම්රිය ධාවනය හේතුවෙන් වසා තිබියදී නවතා තිබූ ඉන්ධන බවුසරයක පිටුපසින් තවත් වෑන් රථයක් නවතා ඇති අතර සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිම් මුවර් රථයක් වෑන් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරට හේතුව සිමෙන්ති ප්‍රවාහනය කල රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම බව වාර්තා වේ.

කෙසේ වෙතත් පිටුපසින් ගැටුන ප්‍රයිම් මුවර් රථය හේතුවෙන් ඉදිරියෙන් තිබු වෑන් රථය ඉන්ධන බවුසරයේද ගැටීම හේතුවෙන් වාහන තුන එකිනෙක ගැටී මෙම  අනතුර සිදුව ඇත.

අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඡායා – Accident 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved