Connect with us

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

අද (08) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-08

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-08

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, April 8, 2025

පුවත්

නොරොච්චෝලේ එක ජනන යන්ත්‍රයක් අක්‍රියයි!

Published

on

By

අප්‍රේල් 11 වැනිදා සිට නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ. 

 උත්සව සමයේ දෛනික විදුලිය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් එය අක්‍රිය කළ බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා කියා සිටී.

කෙසේවුවද, මේවන විට යළි විදුලි ඉල්ලුම ඉහල යමින් ඇතැයි ද ඔහු පවසයි.

ඒ අනුව ලබන 21 වැනිදා පමණ වන විට, නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය කළ ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව, විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

මේ අතර ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන බලාගාර ද මේ වන විට අක්‍රිය කර ඇති බව පැවසේ.

විදුලි බල මණ්ඩලය පවසන්නේ ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් ප්‍රමුඛත්වය ලබා දී විදුලිය උත්පාදන කරන බවයි.

මේ අතර විදුලිය ඉල්ලුම සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු කෙටි පණිවිඩයක් ලැබී ඇත්නම් පමණක් එතැන් සිට පස්වරු 3.00 දක්වා වහල මත සවි කර ඇති සූර්යය පැනල විසන්ධි කිරීම ප්‍රමාණවත් බව, විදුලි බල මණ්ඩලය සූර්යය බලශක්ති හිමිකරුවන්ට පසුගියදා දැනුම් දී තිබිණි.

විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු අඛණ්ඩව සහය ලබා දෙන්නැයි විදුලි බල මණ්ඩලය සූර්යය බලශක්ති හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

Continue Reading

පුවත්

හෙට රස්නය, අවධානය යොමුකළ යුතු මට්ටමක

Published

on

By

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (17)  දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත්, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම තත්ත්වය තුළ එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Continue Reading

පුවත්

ඇමෙරිකානු තීරු බදු : ආණ්ඩුව ගන්න පියවර ගැන රටට කියන්න – රනිල්

Published

on

By

ඇමරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් පළමුව ඇමරිකාව සමග සාකච්ඡා කළ යුතු අතර පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය ගැන සැලසුම් කළ යුතු යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වික්‍රමසිංහ මහතා මෙසේ පවසා තිබේ.

ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් නොකළොත් නොයෙක් ප්‍රශ්න ඇති විය හැකි බවත්, මෙම අලුත් තත්ත්වයට මුහුණ දීම සඳහා රජයෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇතැයි තමන් ප්‍රමුඛ සියලු රටවැසියන් බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.

මෙම බද්ද නවතාලිය නොහැකි බවත්, අනිවාර්යයෙන් ම එය ක්‍රියාත්මක වන බවත්, රැකියා නොමැති වීම මෙහි එක් බලපෑමක් ලෙස සැලකිය හැකි බවත්, ලක්ෂයකට පමණ රැකියා නැති වනු ඇතැයි විශ්වාස කරන බවත්, අහිමි වන රැකියා ප්‍රමාණය ලක්ෂය වුව ද, ඊට අඩු වුව ද ඒ ප්‍රමාණය විශාල බව හෙතෙම අවධාරණය කරයි.

වික්‍රමසිංහ මහතා ගේ ප්‍රකාශය මෙසේය :

(වීඩියෝ : VoiceTube)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved