Connect with us

පුවත්

“කැමති කට්ටිය ඉන්නවා නම් මාව වඩාගෙන යන්න”

Published

on

මැතිවරණ කල් දැමීමට තමන් විරුද්ධ බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එසේ උත්සහ නොකරනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (23) පොදු ජන පෙරමුණේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

එමෙන්ම, රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය තවමත් තීන්දු වී නොමැති බවත්, සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමිවනු ඇත්තේ පක්ෂයේ ප්‍රතිපත්ති සුරකින අයෙකුට බවත් ඔහු පෙන්වා දෙයි.

” ඔය මතේ ඉන්නවා නම් මම එපැයි ඉස්සල්ලම ඉන්න. මොකද මාවනේ වඩාගෙන පාලමෙන් එහා පැත්තට යන්න හදන්නේ. එහෙනම් මම එපැයි වඩා ගත්තු මනුස්සයට මාව තවදුරටත් වඩාගෙන යන්නෙයි කියලා කියන්න නේ ද?. මට පීනන්නත් පුළුවන්, දුවන්නත් පුළුවන්, කැමති කට්ටිය ඉන්නවා නම් මාව වඩාගෙන යන්න, වඩාගෙන යන්නත් පුලුවන්. අපි පුද්ගලයෝ පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්නේ නෑ. අපි ප්‍රතිපත්ති පදනම් කරගෙනයි තීන්දු ගන්නේ. මම පක්ෂෙ ජාතික සංවිධායකනේ. මගේ ඩියුටි එක සූට් එක මහන එක. ඊටපස්සෙ ඕන කෙනෙක්ට ඒක ඇඳගන්න පුළුවන්. ගොඩක් පක්ෂ විනාශ උනේ සූට් එක මහන්න දුන්න අය ඒක ඇඳගන්න ගිහිල්ලා.”

සිය පක්ෂය තුල මත කිහිපයක් තිබුනත් පාක්ෂිකයා සහ රටේ අනාගතය වෙනුවෙන් සුදුසු තීරණයක් ගනු ඇති බවයි ඔහු අවධාරණය කරයි.

මේ අතර, මාධ්‍යය සමඟ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි මේ වන තෙක් තීරණය කර නොමැති බවය.

සිය පක්ෂය විසින් ඉදිරිපත් කරන්නේ ජයගත හැකි අපේක්ෂකයෙකු බවත් පොහොට්ටුවේ ජයග්‍රහණය ඉහළම මට්ටමක ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

ධම්මික පෙරේරාගේ සහ රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් විමසූ විට “එක එක්කෙනාගෙ නම් තියෙනවා. ධම්මික පෙරේරා, අර පෙරේරා, මේ පෙරේරා, ඔක්කොම ඉන්නවා.” යැයි පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන්ගේ සිතේ සිටින අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ අවස්ථාවේ හෙළි කළ නොහැකි බව ද පැවසීය.

එමෙන්ම, සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විමසූ විට ඔහු පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් විමසිය යුත්තේ නාමල් රාජපක්ෂගෙන්ම වන බවයි. එමෙන්ම නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට තවත් කල් ඇති බවත් ඔහු පවසා සිටියේය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved