පුවත්

කැමැති අයකුට පොහොට්ටු අත්හැර ජනපති සමඟ යා හැකි බව නාමල් කියයි

Published

on

තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

තවද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා දැන් වෙනම ගොස් සිටින අය සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

පොහොට්ටුව සමග ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කදවුරේ සිටින කොටසක් පවසන බව කී රාජපක්ෂ මහතා එසේනම් පොහොට්ටුව අතහැර එම කණ්ඩායමට යා හැකි බව වැඩිදුරටත් පැවසීය.

මූලාශ්‍රය – ලංකාදීප

Trending

Exit mobile version