පුවත්

කැරපොතු බනිස් වික්ක මඩකලපු කෝච්චියේ කැන්ටිමට සීල් තියයි!

Published

on

මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ භෝජනාගාරය මඩකළපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පෙරේදා (01) මුද්‍රා තබා තිබේ.

ඒ ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පෙරේදා (01) සවස එම දුම්රිය භෝජනාගාරය පරීක්ෂා කිරීමෙන් පසුව, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සොයාගැනීමත් සමඟය.

ඇතැම් ආහාරවල කැරපොත්තන් සහ කුහුඹුවන් පවා සිට ඇති අතර මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව භාරයටද ගෙන ඇති බව පැවසේ.

මඩකළපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එන්.මාධවන්ගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ආර්.මිතුන්රාජ්, එම්.අමිර්තාප්, එස්.කිසන්දරාජා යන නිලධාරීහු මෙම වැටලීම සිදුකර තිබුණි.

Trending

Exit mobile version