Connect with us

පුවත්

කැරම් බෝඩ් නඩුව ගැන අධිකරණය දුන් නියෝගය

Published

on

රජයට රුපියල් මිලියන 53 කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වත්මන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුවේ විත්තිවාචිකය කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කලේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ඒවා ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීම තුළින් එම පාඩුව සිදුකළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

මෙම නඩුවේ විත්තිවාචිකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේද? නැත්නම් විත්තිවාචිකය කැඳවනවාද යන නියෝගය ප්‍රකාශ කරමින් අමල් රණරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කලේය.

ඉන් අනතුරුව විත්තිවාචිකය ඉදිරිපත් කිරීම අගෝස්තු මස 23 වනදා සිදුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විත්ති පාර්ශවයට නියෝග කර තිබේ.

සබැඳි පුවත්

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව කල් යයි

පුවත්

මහනුවරට මහ වැසි

Published

on

By

මහනුවර ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් පවතින වර්ෂාපතනය නොතකා විශාල පිරිසක් දළඳා වන්දනාව වෙනුවෙන් පෝලිම් වල රැඳී සිටින බව සඳහන් වේ.

අද සිරි දළඳා දැක්මේ 08වැනි දිනයයි.

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු හා උතුරුමැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉහත ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙස ද  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Published

on

By

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා ලබන 30 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) අවසර ලබා දෙන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved