පුවත්

කැලණිතිස්ස අද රෑට හිටින බව විදුලි ඉංජිනේරුවෝ කියති!

Published

on

කැලණිතිස්ස විදුලි බලාගාරය අද (12) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමේ අවදානමක පවතින බව ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය කියා සිටී.

ඒ, එම බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැප්තා ඉන්ධන නොමැති වීම නිසාය.

එම බලාගාරය ක්‍රියා විරහිත කිරීම වුවහොත් ජාතික විදුලිබල පද්ධතියට මෙගවොට් 165ක් පමණ අහිමිවීමට නියමිතය.

ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා පැවසුවේ ගබඩා කර ඇති නැප්තා ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා තිබුණද බලධාරීන් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

Trending

Exit mobile version