කැලණිවැලි දුම්‍රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ අනුව අදාළ දුම්රිය හරස් මාර්ගය ලබන 21දා පෙරවරු 08.00 සිට 22දා පෙරවරු 05.00 දක්වා වසා තැබෙනු ඇත.
මාර්ගය වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.