පුවත් කැලණි වැලි තාමත් හරි නෑ; උදේ දුම්රිය ගම් 7ක් නෑ (ඡායා) Published 2 years ago on June 28, 2023 By editor කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (28) අලුයම 4.00ට පමණ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කළ ද මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරත් සිදුකරමින් පවතින බවය. මේ හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07 ක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් මගීන්ගේ පහසුව සඳහා නාරාහේන්පිට දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවන කිරීමට පියවර ගෙන තිබේ. බොරැල්ල කෝටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වූ දුම්රියක මැදිරි දෙකක් ඊයේ (27) පස්වරුවේ පීලිපැනීමකට ලක් ව තිබුණි. මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ6 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්2 days ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා2 days ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්6 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!