පුවත්

කැලණි සරසවියේ උඩුමහලෙන් වැටී සිසුවෙක් මරුට

Published

on

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවකු  අද (23) අළුයම් කාලයේදී උඩු මහලේ සිට බිමට වැටී  කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

විශ්ව විද්‍යාලයේ සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර නේවාසිකාගාරයෙන් ඇද වැටීමෙන් මෙම සිසුවා මිය ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන බීබී ආර් බණ්ඩාර නමැති සිසුවෙකි.

එම සිසුවා කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමර අංක 416 සිට තිබේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Trending

Exit mobile version