Connect with us

පුවත්

කැලණි සරසවියේ පරිගණක හා තාක්ෂණ පීඨය මාස 12කින් ප්‍රතිඵල නිකුත් කර නෑ!

Published

on

කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨය මාස 12කින් ප්‍රතිඵල නිකුත් නොකිරීම නිසා සිසුන් දැඩි පීඩාවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අනාවරණය කළේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ  ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදීය. කාරක සභාව එහි සභාපති අධිකරණ අමාත්‍ය (ආචාර්ය) ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) පාර්ලිමේන්තුවේදී රැස්විය.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීමට සහ ඒ සඳහා ඉදිරිපත් කළ හැකි යෝජනා සහ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීම පිණිස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කමිටුව හමුවට කැඳවා තිබිණි.

අධ්‍යාපනය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් විය යුතු බව අවධාරණය කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පෙන්වා දුන්නේ උසස් අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා හේතුවෙන් මතුවන පීඩනය දරා ගත නොහැකිව බොහෝ සිසුන්ගේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය බිඳ වැටෙන බවයි.තවද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය තවමත් අධ්‍යයන දින කාලසටහන ඉදිරිපත් කර නොමැති බවත් සබරගමුව විශ්වවිද්‍යාලය තවමත් විභාග පැවැත්වීමට කටයතු කර නොමැති බවත් මෙහිදී අනාවරණය විය.

ඒ අනුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන් සාමූහිකව සාකච්ඡා කිරීම සඳහා කාරක සභාව හමුවට කැඳවා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට කමිටුව තීරණය කළේය.

කමිටු සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, එරාන් වික්‍රමරත්න, (මහාචාර්ය) චරිත හේරත් සහ දයාසිරි ජයසේකර මහතා යන මහත්ම මහත්මීන් කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved