මේ වන විට වසා දමා ඇති කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා, වාණිජ හා කළමනාකරණ, සහ තාක්ෂණ යන පීඨ, අධ්‍යයන කටයුතු සඳහා ලබන සඳුදා (11) යළි විවෘත කරන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.
කෙසේවෙතත්, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ දෙසැම්බර් 18දා සිට විවෘත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය 05දා සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ වසා දමනු ලැබීය.
පසුව ඊට සම්බන්ධ සිසුන් සිවුදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබුණි.