පුවත්

කිරින්ද මුහුදේ ගසාගෙන ගිය තරුණියක් මියයයි ; තවත් තරුණියක් අතුරුදහන්

Published

on

කිරින්ද විහාරය ආසන්නයේ මුහුදු තීරයේදී තරුණියන් තිදෙනෙකු හා තරුණයෙකු මුහුදු රළ හසුවී ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙහිදී ඔවුන් සමග පැමිණි අයෙකු විසින් තරුණියක් හා තරුණයෙක් බේරාගෙන තිබේ.

අතුරුදන්ව සිටි තවත් තරුණියක් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන කිරින්ද පර්යන්ත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර තවත් තරුණියක් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.

මියගිය හා අතුරුදන්වූ තරුණියන් අවුරුදු 18ක් වන බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

මොවුන් බිබිල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා කිරින්ද ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.

Trending

Exit mobile version