පුවත්

කිරිබත්ගොඩ පොලිස් වෙඩිතැබීම; බිමට තැබූ වෙඩිල්ල සැකකරුගේ පස්සට වැදිලා (Update)

Published

on

අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කියා සිටින්නේ,  පොලිස් කණ්ඩායම ළඟා වූ විට සැකකරු පලා යාමට උත්සාහ කර ඇති බවයි. 

පලා යෑම වළක්වා ගැනීම සඳහා පොලිසිය බිමට වෙඩි තැබූ නමුත්, බිමට තැබූ උන්ඩයක් බිම වැදී ඉපිලී ගොස් සැකකරුගේ පිටුපසට වැදී ඇති බව පැවසේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ සැකකරු සෙල්ලම් තුවක්කුවක් ළඟ තබාගෙන සිටි බවත් අපරාධ ක්‍රියාවක් සැලසුම් කරමින් සිටි බවට විශ්වාස කරන බවත්ය.

(පෙර පුවත 2025 අප්‍රේල් 11 පෙ.ව.7.24 )


කිරිබත්ගොඩ පොලිසිය කළ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදියක් සමග සැකකටයුතු පුද්ගලයෙක් රැඳීසිටින බව දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු පලාගොස් තිබෙන අතර එහිදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද පැවසේ.

Trending

Exit mobile version