පුවත්

කිරි තේ 90ට බහියි

Published

on

අප්‍රේල් මස මුල සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. 

දැනට කිරි තේ එකක මිල රුපියල් 100 කි.

අප්‍රේල් මස මුල සිට කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් හා ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පෙරේදා සඳහන් කළේ ය. 

 ඊට සමගාමීව කිරි තේ එකක මිල අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය කියා සිටී.

Trending

Exit mobile version