ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සහ කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම යන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම පිණිස ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සත්ත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව වෙනුවෙන් ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශ කිරීමකට අත්සන් තැබීමට යෝජනා වී ඇතැයි රජය පවසයි.
ඒ සඳහා කෙටුම්පත් කරනු ලැබ ඇති ඒකාබද්ධ අභිප්‍රාය ප්‍රකාශයට නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇති බවත්, ඒ අනුව, එකී අභිප්‍රාය ප්‍රකාශයට අත්සන් තැබීම පිණිස ගරු ජනාධිපතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.