කිලිනොච්චිය කරච්චි භාරතීපුරම් ප්‍රදේශයේදී ඊයේ (07) සවස මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් කඩා වැටී දෙදෙනෙකු බරපතල තුවාල ලබා තවත් දෙදෙනෙකු සුලුතුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
කරච්චි ප්‍රාදේශීය සභාවට අයත් මෙම පාලම මතින් යතුරුපැදියක් ගමන්කරන අවස්ථාවේදී එකවරම පාලම කඩාවැටී තිබේ.
යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල අතර තවද එම ස්ථානයෙන් පාගමනින් ගමන්ගත් දෙදෙනෙකුට සුලු තුවාල සිදුව තිබේ.
අදාල පාලම වෙනුවෙන් රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් ඇස්තමේන්තු කර තිබුණද කිසිදු ප්‍රමිතියකින් තොරව කරච්චි ප්‍රාදේශීය සභාව විසින් ඉදිකොට ඇති බවට ප්‍රදේශවාසීන් පවසයි.
කරච්චි ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවෙකු විසින් 2019 වසරේදී මෙම පාලම ඉදිකොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.