පුවත්

කිසිඳු අපේක්ෂකයෙකුට බහුතරය ගන්න බැරි උනොත් මොකද වෙන්නේ?

Published

on

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතුරින් එක් අපේක්ෂකයෙකුට 50% ට වැඩි බහුතරය ලබාගැනීමට නොහැකි අවස්ථාවක දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (23) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර, ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙක් මේ වනවිට අභාවප්‍රත්ත වී සිටින අවස්ථාවක ඔහු වෙනුවෙන් වෙනත් අයෙකු එම දේශපාලන පක්ෂයෙන් හෝ කණ්ඩායමෙන් එම ලකුණ යටතේ නම් කිරීමට අවස්ථාව පවතින බවද කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

එලෙස වෙනත් අපේක්ෂකයෙක් නම් කළත් ඡන්ද පත්‍රිකාවේ වෙනසක් සිදුනොවන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

අලුතින් නම්කරන අපේක්ෂකයාට තරග කිරීමට සිදුවන්නේ පෙර අපේක්ෂකයාගේ (අභාවප්‍රාප්ත වූ අපේක්ෂකයා) නමින් බව කොමසාරිස් ජෙනරාල්වරයා පවසා සිටියේය.

සබැඳි පුවත්

Trending

Exit mobile version