Connect with us

පුවත්

කිසිම හේතුවකට අලුතින් එකතු වෙන්න බැරි බව පොලීසිය දැනුම් දෙයි

Published

on

සිරි දළදා වන්දනාව සඳහා කිසිඳු හේතුවක් මත අලුතින් සැදැහැවතුන් එක්කර නොගන්නා බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ප්‍රමාණය ඉහළ යෑමත් සමග ඊයේ දිනයේ සිට මේ සඳහා එක් නොවන ලෙස දළදා වන්දනා කමිටුව දැනුම් දුන්නේය.

කෙසේවෙතත් දැනට පෝලිම්වල සිටින සැදැහැවතුන් සඳහා වන්දනා මාන කිරීමට අවස්ථාව සලසාදීමට තීරණය කර ඇති අතර ලක්ෂ 4ක පමණ සැදැහැවතුන් සංඛ්‍යාවක් එලෙස පෝලිම්වල රැඳීසිටින බව පොලීසිය සඳහන් කළේය.

මේ වනවිට පෝලිම්වල රැඳීසිටින පිරිස් සිරි දළදා වන්දනාව අවසන් කරනවිට 27 වන ඉරුදින පස්වරුව වනු ඇති බවට පොලීසිය අනුමාන කර තිබේ.

මෙම තත්ත්වය තුළ සැදැහැවතුන් සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට නොපැමිණෙන ලෙසද පොලීසිය ඉල්ලීමක් කර ඇත.

යම් හෙයකින් වන්දනා මාන කිරීමට ඉඩ ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් හෙට (26) පස්වරුවේ හෝ 27 උදෑසන දැනුම්දෙන බවද පොලීසිය සඳහන් කළේය.

පුවත්

ජාතික සත්ත්ව සංගණන වාර්තාව එළියට

Published

on

By

පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.

අදාල වාර්තාව පහත පරිදි  වේ,

රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනා – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.34

Continue Reading

පුවත්

නිලන්තට එරෙහි පෙත්සමක් කැඳවීමට දින දේ

Published

on

By

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිට නියෝගයක් නිකුත් කරන ලෙස ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් මස 14 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

සමාජ හා සාමායික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයක වන සුරාච් නිලංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading

පුවත්

ගැබිණි මව්වරුන්ට අනතුරු ඇඟවීමක්

Published

on

By

චිකුන්ගුන්‍යා සහ ඩෙංගු රෝග ද්විත්වයම එකවර පුද්ගලයෙකුට වැළඳිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කෙරිණි.

ඊඩිස් ඊජිප්ටයි නමැති මදුරු විශේෂයෙන් මෙම රෝගය ඇති වන බවත්, එක් අයෙකුට ඉහත රෝග ද්විත්වයම තිබිය දී ඔහුට හෝ ඇයට දැඩි වේදනාවක් දැනිය හැකි බවත් වැඩිදුරටත් සඳහන් විය.

යම් හෙයකින් ප‍්‍රසූත අවස්ථාවක දී මවකට චිකුන්ගුන්‍යා වෛරසය වැළඳුණහොත්, ගබ්සා වීමක් සිදු විය හැකි බවද මෙහිදී  අවධාරණය කර සිටින ලදී.

එමෙන්ම දරුවා බිහිවීමෙන් පසුව මවකට මෙම වෛරසය ආසාදිතව සිටීනම්, දින 03-07කට පසුව අලුත උපන් බිළිඳාට ද වෛරසය බෝ විය හැකි බවත්, එහිදී දරුවා මව්කිරි නොබීම, කුෂ්ඨ සෑදීම, අධික උණ සමග මොළේ උණ වැනි සංකූලතා හටගැනීම සිදුවිය හැකි බවද සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දෙන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved