Connect with us

පුවත්

කුකුල් මස් වලට පාලන මිලක් දෙන්නැයි ඉල්ලයි

Published

on

කුකුල් මස් සිල්ලරට අලෙවි කිරිමට අදාලව පාලන මිලක් ඇති කල යුතු බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.

එම සංගමයේ සභාපති සුජිව ධම්මික මහතා සදහන් කලේ රු. 1,200 –  රු. 1300ත් අතර මිලකට අලෙවි කල කුකුල් මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රු. 1,600ත් – රු.1,800ත් අතර මිලක් දක්වා ඉහල ගොස් තිබෙන බවය.

කෙසේවුවත්, ගොවිපල් හිමියන් පවසන්නේ මෙලෙස මස් වල සිල්ලර මිල ඉහල ගියද, මස් තොග ලබා‌ දෙන්නේ කිලෝවක් රු. 850 – රු.1200 අතර මුදලකට බවත්, මෙතෙක් තොග මිලෙහි කිසිඳු ඉහළ යාමක් සිදුවි නොමැති බවත්ය.  

ගොවිපල හිමියෙකුට මස් කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා රු. 800 – රු. 900ක් අතර මුදලක් වැය වන බවත්, දින 45ක කාලයක් කුකුළන් රැකබලා ගත යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

කූට වෙලදුන් විසින් මස් කිලෝවකින් රු. 400 කට වැඩි ලාභයක් උපයා ගන්නා නමුත්, තමන්ට මස් කිලෝවකින් ලැබෙන්නේ රු. 300 ට අඩු ලාභයක් බවත් එසේ තිබියදී කුකුල් මස් මිල ඉහල දමා තිබෙන බවට ගොවිපල හිමියන්ට විවිධ පිරිස් විසින් ‌චෝදනා කරමින් සිටින බවත් ගොවිපල හිමියන් පවසයි.

මේ තත්ත්වය යටතේ වෙළදපොල තුළ කුකුල් මස් අලෙවි කිරිමෙදී මිල විකෘතියක් ඇතිවි තිබෙන බවත් එබැවින් පාලන මිලක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙයි.

පුවත්

දුමින්ද අධිකරණයට

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (19) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වැනි අදියරෙහි ඓඓ පියවර යට‍තේ කිරි ගවයින් 15000 ක් ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ලබාදීම පිළිබඳ 2025.05.21 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද විශේෂ විගණන වාර්තාව සහ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා 2025.06.04 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව පිළිබඳ ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳව විවාදය පැවැත්වීමටත් නියමිතය.

Continue Reading

පුවත්

මාස 06ට ඩෙංගු රෝගීන් 26,000 ඉක්මවයි – ජීවිත 14ක් බිලිගනී

Published

on

By

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ මෙරටින් ඩෙංගු මරණ 14ක් සහ ඩෙංගු රෝගීන් 26,775 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරිය විසින් මේ බව සඳහන් කරන ලදී.

මේ වනවිට ළමා මරණ එකක් වාර්තා වී ඇති අතර, රෝගීන්ගෙන් 45%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇතැයි ද සමරවීර මහත්මිය පැවසුවාය.

“ලංකාව පුරා ඩෙංගු රෝගීන් 26,775ක් සහ ඩෙංගු මරණ 14ක් සිදුව තිබෙනවා. බස්නාහිර, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා….”

“…දිස්ත්‍රික්ක 16ක සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 111ක නැවතත් මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරනවා. මෙහිදී අවධානම් පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කරන්න අපේ කණ්ඩායම් එනවා. එහිදී ඔබ අපරික්ෂාකාරී ලෙස මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියොත් රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.”

ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved