පළාත් පාලන මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ අපෙක්ෂකයන් තරග කරන සෑම පළාත් පාලන ආයතනයකම ලංකා කම්කරු කොංග්‍රසයේ ලාංජනය වන කුකුලා ලංජනයෙන් තරග කිරිමට එකගතාවයකට පැමිණ ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා කියයි.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පා.ම ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ ජෙෂ්ඨ නායකයින් සහ පළාත් පාලන ආයතන වලට තරග කරන අපෙක්ෂකයන් සමග (05) දින කොළඹදි පැවති විශේෂ සාකච්ඡාවකදි මෙම එකගතාවයට පැමිණි බව කනපති කනගරාජ් මහතා කියා සිටියේ.
කුකුලා ලාංජනයෙන් දිගු කාලයක් මැතිවරණවලට ඉදිරිපත් නොවු බවත්, පළාත් පාලන මැතිවරණයේදි කුකුලා ලංජනයෙන් තරග කිරීමෙන් තම පක්ෂයේ වත්මන් තත්ත්වය තහවුරු කරගත හැකි බවත්, කුකුලා ලංජනයෙන් තරග කිරිම තුලින් පළාත් පාලන මැතිවරණයේදි තරග කරන අනෙකුත් ප්‍රධාන පක්ෂ වලට ජන්ද ලැබිමේ ප්‍රතිශතයක් අඩුවන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටින්නේ.
රටේ පවතින ආර්ථික අර්බුධයත් සමග ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගත වි මැතිවරණයට ඉදිරිපත් විම තුලින් තම පක්ෂයට අවාසියක් සිදු වන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටියේ.
පළාත් පාලන ආයතන වලට ඉදිරිපත් කරන අපෙක්ෂකයන් තොරාපත් කර ගැනිමට , මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා කමිටු පත් කල බවද කනපති කනගරාජ් මහතා පැවසිය.
(ලංකාදීප)