කුකුළු පැටවුන් ලක්ෂයක් රට පුරා බෙදාදීමේ ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර තිබේ.
මෙය, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බිත්තර සම්බන්ධ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීමේ අරමුණෙන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් අරඹා ඇත.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති එම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
එහිදී කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට කුකුළු පැටවුන් 2,300 ක් බෙදා දෙන ලදී.
මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ඉදිරි මාස 4ක කාලය තුළ සමස්ත පාරිභෝගික ජනතාව වෙත ලැබෙනු ඇති බව අමාත්‍යවරයා පවසා ඇත.