පුවත්

කුකුළේගඟ වාන් දොරටු 3ක් අරී

Published

on

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද පස්වරුව වනවිට විවෘත කර තිබේ.

ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශයේ ධාරිතාවය ඉහළ යාම හේතුවෙන් මෙලෙස වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බ එහි පාලන අධිකාරිය දන්වයි.

මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුම්දී තිබේ.

මේ අතර, කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටද අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

Trending

Exit mobile version