පුවත්

කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි : ප්‍රදේශ කිහිපයකට ක්ෂණික ගංවතුර තත්ත්වයක්

Published

on

කාර්මික දෝෂයක් හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වී තිබේ.

වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පි.සී. සුගීශ්වර මහතා පැවසුවේ, මේ හේතුවෙන් තත්පරයට ඝන මීටර් 500ක පමණ විශාල ධාරාවක් පහළට ගලාගෙන එන බවය.

මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිතව බුලත්සිංහල, අයගම සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්ෂණික ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවදානම ඉදිරි පැය 6ක කාලය තුළ මෙම අවදානම පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version