පුවත්

කුඩා ළමුන් අතර වේගයෙන් පැතිර යන උණ රෝගයක්

Published

on

කුඩා ළමුන් අතර මේ දිනවල ඉතා වේගයෙන් උණ රෝග තත්ත්වයක් පැතිර යන බව රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

මෙම උණ රෝගය සමග කැස්ස, හෙම්බිරිසාව සහ සමහර අයට වමනය යාම වැනි රෝග ලක්ෂණ ළමුන්ට පෙන්නුම් කරන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විවේකය ලබාදීම, දියර ආහාර ලබාදීම, පැරසිටමෝල් මාත්‍රාවක් ලබා දී ළමුන් නිවසේ තබාගන්නා ලෙසත්, පිටතට යන සෑම අවස්ථාවකම මුඛ ආවරණයක් පළඳින ලෙසත් වෛද්‍යවරයා ඉල්ලා සිටියේය.

විශේෂයෙන්ම මොන්ටිසොරි, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලට යන ළමයින්ට රෝග ලක්ෂණ පවතින්නේ නම් ඔවුන් නිවසේ තබා ගන්නා ලෙසත්, දවස් තුනකට වැඩිය උණ තිබේනම් සම්පුර්ණ රුධිර පරික්ෂාවකට (ෆුල් බ්ලඩ් කවුන්ට්) දරුවාව යොමුකරන ලෙසත් වෛද්‍යවරයා අවධාරණය කරයි.

Trending

Exit mobile version