ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ සිටින සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් රත්මලාන ගොනා කෝවිලේ කුඩු අංජු රාජ්‍ය ත්‍රාන්ත්‍රික මැදිහත්වීමකින් මෙරටට ලබා දීමට ප්‍රංශයේ සිටින ශ්‍රී ලංකා තානාපති හා එරට බලධාරීන් අතර ඊයේ (02) ප්‍රංශයේ දී පැවැත් වූ සාකච්ඡා සාර්ථක වී ඇතැයි වාර්තා වේ.
මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී ඇත්තේ උදර්පන නීතිය යටතේ ශ්‍රී ලාංකිකයන් මෙරටට ලබාදීමට ප්‍රංශ රජය හා එකඟතා ගිවිසුමක් නැතත් වෙනත් ක්‍රමවේදයක් යටතේ එය ක්‍රියාත්මක කිරීමටය.
ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැවරීමට උපදෙස් දී ඇතැයි ද පැවසේ.
මේ අනුව විදෙස් කටයුතු අමාත්‍යාංශය වෙත ඉදිරි පියවර ගන්නැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
දින තිහක් ඇතුළත ප්‍රංශ රජය වෙත කුඩු අංජු මෙරටට භාරගැනීම සඳහා අවසන් වාර්තාව ලබාදිය යුතුය.
ගල්කිස්ස පොලිසිය මගින් ලබාදෙන සාක්ෂි සම්පිණ්ඩනය කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යාංශය අවසන් වාර්තාව සකස් කළ යුතුය.
ඉන් පසුව කුඩු අංජු මෙරටට උදර්පනය කරන්නැයි ඉල්ලා උදර්පන පනතේ බලධාරියා ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ අත්සනින් ප්‍රංශ රජයට අවසන් වාර්තාව යැවිය යුතුය.
මූලාශ්‍රය – අරුණ