පුවත්

කුඩු අංජුගේ එකවුන්ට්ස් බැලූ තරුණ යුවලක් අත්අඩංගුවට!

Published

on

ඩුබායිහි සැඟව සිටින රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ මෙරට මුදල් කටයුතු පරිපාලනය සිදුකළ අඹු සැමි යුවළක් රුපියල් ලක්ෂ 14 ක මුදල් තොගයක් සමග අතුරුගිරිය ඔරුවල සුඛෝපභෝගී දෙමහල් නිවසක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කුඩු අංජු නමැත්තාගේ ඥාති සහෝදරයකි.

සැකකාර යුවල වයස අවුරුදු 26 හා 32 අතර පසුවන බව පොලීසිය වැඩිදුරටත් පැවසයී.

සැකකරුවන් රත්මලාන හා අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පදිංචිව සිට එයින් ඉවත් වී ආරක්ෂිත ස්ථානයක් ලෙස අතුරුගිරිය ඔරුවල ෆිල් ගාඩන් හි දෙමහල් නිවසේ පදිංචිව ඇතැයි පැවසේ.

විදේශගතව සිටින අංජුගෙ මඟ පෙන්වීම අනුව ත්‍රීරෝද රථයකින් ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් එකතු කිරීම සිදු කර පසුව සුඛෝපභෝගී මොටර් රථයක් කුඩු අංජු ඒ සඳහා ලබාදී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය විකුණා උපයන ලද එම මුදල් ගණන් කිරීම සඳහා සැකකරුගේ බිරිඳ හවුල් වී ඇතැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් සිදු කරනු ලැබු විමර්ශනවලදි හෙළි කරගෙන ඇත.

සැකකාර අඹු සැමි යුවල අතුරුගිරිය ප්‍රදේශයේ දී 2021 වසරේ ජූනි මස තුන්වෙනි දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සමඟ අතුරුගිරිය පොලිස් අත්අඩංගුවට පත්වීම මෙන්ම, රත්මලාන ප්‍රදේශයේ වෙඩි තැබීමකට අදාළව 2020 අතරේදී ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමඟ සැකකරු අත්අඩංගුවට පත් වී තිබූ බව පොලිසිය පවසයි.

Trending

Exit mobile version