පුවත්

කුඩු අංජුට ප්‍රංශයේ වයින් ෆැක්ට්‍රියක්; ඩුබායිහි වතුර බෝතල් ෆැක්ට්‍රියක්

Published

on

සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් රත්මලානේ කුඩු අංජුට  ප්‍රංශ වයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායිහි වතුර බෝතල්  නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් ඇති බව මේවන විට හෙළිව ඇතැයි වාර්තා වේ.

කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත් වන නිසා වෙනත් අයකුගේ නමින් මෙම කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යන බවද පැවසේ.

ඩුබායි රටේ මොහුට වතුර බෝතල් කර විකිණීමේ කර්මාන්ත ශාලාවක් ද, ශරීර සුවතා මධ්‍යස්ථානයක්,සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක්ද තිබෙන බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම ගොඩනැගිලි සංකීර්ණය ඔහු කුලියට ලබා දී ඇතැයිද පැවසේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකකෙරන ඩුබායි රටට පලාගොස් සැඟව සිටින බටුවිට චාමර සහ ගල්කිස්සේ ජූඩ් නැමැත්තෙකු මෙම ව්‍යාපාර කටයුතුවලට හවුල් කරගෙන සිටින බවද එම රටෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට තිබේ.

කුඩු අංජුනැමැත්තා මේ වන විට ප්‍රංශ අධිකරණයක් මගින් මෙම මස 4 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

සබැදි පුවත්:

කුඩු අංජු බේරා ගැනීමට ප්‍රංශ පෙම්වතිය සටනේ !

Trending

Exit mobile version