පුවත්

කුණු ලොරියේ හිස්කොපු කේස්එක හෙළිවෙයි!

Published

on

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ කසල රැගෙන යාම සඳහා යමින් සිටි කසල ලොරියෙන් හමුවූ උණ්ඩ කොපු දෙවන රෙජිමේන්තු පරිශ්‍රයේ කසල රැස් කිරීමේදී ලැබුණු ඒවා බවට තහවුරු වී ඇතැයි මහනුවර පොලිසිය කියයි.

මෙම හිස් කොපු විකිණිම සඳහා කසල ලොරියේ ඉහළ කොටසේ තබා තිබූ බව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නගර සභා පවිත්‍රතා සේවකයා කියා ඇත.

මේ පතොරම් අත්අඩංගුවට ගැනුනේ මහනුවර මහ නගර සභාවට අයත් කසල ලොරියක්  මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දැඩි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදීය.

එහිදී කසල ‌ලොරියේ තිබී ටී56 ගිනි අවි සඳහා යොදන හිස් පතුරම් කොපු 32ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

Trending

Exit mobile version