Connect with us

පුවත්

කුරුණෑගල හිටපු නගරාධිපතිට වසර 7කට ඡන්දය තහනම්

Published

on

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එල්ල වී තිබෙන චෝදනා කීපයක් සැලකිල්ලට ගෙන ඔහුට 2024 වසරේ සිට 2032 වසර දක්වා වසර 7ක කාලයක් කිසිදු මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීම අහෝසි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

‘දිවයින’ වාර්තා කළේ, කුරුණෑගල ව්‍යාපාරිකයකු වන ප්‍රියංකර ලියනගේ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හරේන්ද්‍ර බණ්ඩාර රත්නායක මහතා මෙම නියමයන් දැනුම්දී ඇති බවය.

වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් පත්කරන ලද ඒකපුද්ගල කොමිසමකින් වැරැදිකරුවකු බවට පත්කර කුරුණෑගල නගරාධිපති තනතුරෙන් නෙරපා හැරීම සහ කුරුණෑගල ඓතිහාසික බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීමේ චෝදනාවට තුෂාර සංජීව විතාරණ මහතා අධිකරණය හමුවේ වැරැදිකරුවකු වී ඇති බවට ප්‍රියංකර ලියනගේ මහතා මැතිවරණ කොමිසමට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එම පැමිණිල්ල සැලකිල්ලට ගනිමින්  නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබාදී ඇති එම නියමයන්ට අනුව තුෂාර සංජීව විතාරණ මහතා ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි කිරීමට හෝ ලියාපදිංචි කරන ලද ඔහුගේ නම තවදුරටත් ඡන්දහිමි නාම ලේඛනයේ තබා ගැනීමට හෝ නුසුදුසු පුද්ගලයකු වන බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ,  1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ 2 වැනි වගන්තිය සමඟ කියැවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) ව්‍යවස්ථාව අනුවය.

එසේම 2032 වසර දක්වාම අඛණ්ඩව ඡන්දහිමි නාම ලේඛනයේ මොහුගේ නම සඳහන් කළ නොහැකි බව ද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කර තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබාදී ඇති මෙම නියමයන්ට අනුව තුෂාර සංජීව විතාරණ මහතාගේ සියලු ප්‍රජා අයිතිවාසිකම් වසර 7ක කාලයකට අත්හිටුවා ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

 කුරුණෑගල ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීමේ චෝදනාව යටතේ හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණය මඟින් නියම කරන ලද තුන් අවුරුදු බරපතළ වැඩ සහිත සිර දඬුවම අභියාචනාධිකරණය මඟින් අවුරුද්දකින් ගෙවී යන ලෙස අත්හිටුවීමෙන් අනතුරුව ඔවුන් සිර දඬුවමෙන් මුදාහරිනු ලැබුවේය.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved