Connect with us

පුවත්

කුරුදුමලේ ඉඩම් ගැන ජනපතිට ලිපියක්

Published

on

මුලතිව් ඓතිහාසික කුරුන්දි නොහොත් කුරුඳුමලෙයි විහාර භූමියට අයිති නැති අවට භූමියේ ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට ජනාධිපතිතුමන් විසින් දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් ජනාධිපතිතුමන් හට විශේෂ ලිපියක් යොමු කොට ඇත.

එම ලිපිය මගින් එල්ලාවල මේධානන්ද හිමියන් පෙන්වා දී ඇත්තේ කුරුන්දි විහාර භූමිය අවට ඉඩම් ජාතිවාදී අරගලවලට සහය දක්වන පුද්ගලයන් අතට පත්වුවහොත් ඉදිරි අනාගතයේ දී ප්‍රදේශයේ දැඩි අවදානම් තත්වයකට මුහුණපෑමට සිදුවනු ඇති බවටය.

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් මහජනතාවට පවරදීම සඳහා නියමයක් කර ඇති බවට මාධ්‍ය මගින් දැනගත් බවත් කුරුන්දි විහාරය අවට භූමියේ බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටබුන් විසිරී ඇති නිසා මෙම ඉඩම් ආවාට ගියාට බෙදාදීම සුදුසු නැති බවත් ලිපියෙහි සඳහන් ය. එමෙන්ම බෞද්ධ ආරාමයක් අසල ජාතිවාදී අරගලවලට සහය දෙන උදවියට ඉඩම් ලබාදීම ද සුදුසු නැති බව ද මෙයින් බලාපොරොත්තූ වී ඇත්තේ බෞද්ධ නටබුන් අසල ජාතිවාදීන්ට ජනපද ඇතිකර දීමක් බවත් සඳහන්ය. දැනට ද රජයෙන් ඉඩම් දුන්නත් නොදුන්නත් බලයෙන් ඉඩම් අල්ලාගෙන ඇති බව පෙනෙන නිසා මෙම ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බවත් අනාගතයේ දී එයින් මහා විනාශයක් සිදුවිය හැකි බවට අවදානමක් ඇති බව ද මේධානන්ද හිමියෝ සිය ලිපියෙන් අවධාරණය කරති.්

(ලංකාදීප)

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved