පුවත්

කුරුළු උණ ගැන අවධානයෙන් සිටින ලෙස උපදෙස්

Published

on

ඉන්දියාව වැනි අසල්වැසි රටවල කුරුළු උණ රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී තිබේ.

පක්ෂීන්ට ප්‍රධාන වශයෙන් බලපාන ඉන්ෆ්ලුවෙන්සා වයිරසය හේතුවෙන් කුරුළු උණ බෝවන අතර එම වෛරසය අනෙක් සතුන්ට මෙන්ම මිනිසුන්ටද ආසාදනය විය හැකිය.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රභේද සහ උප ප්‍රභේද කීපයකි.

මෑතකදී ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය ආසාදනය වූ දරුවකු වාර්තා වූ අතර එම දරුවා 2019 වසරෙන් පසුව ඉන්ෆ්ලුවෙන්සා ඒ (එච්.9.එන්.2) වෛරසය අසාදනය දෙවැනි රෝගියා ලෙස සඳහන් වේ.

කෙසේවෙතත්, මෙතෙක් වාර්තා වූ සියලුම කුරුළු උණ රෝගීන්ට සතුන් හේතුවෙන් එම රෝගය ආසාදනය වී ඇති අතර මෙතෙක් කුරුළු උණ මිනිසුන්ගෙන් මිනිසුන් ආසාදනය වන බවට කිසිඳු සාක්ෂියක් හමුවී නැත.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා ප්‍රකාශ කළේ, වත්මන් තත්වය මත H5, H7 සහ H9 ආසාදනය වූ කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට මෙන්ම කුරුළු උණ රෝගය පිළිබඳ නිරීක්ෂණ කටයුතු කරන රෝහල්වල සැකසහිත කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බවය.  

මිනිසුන්ට කුරුළු උණ රෝගය ආසාදනය වීම දුර්ලභවුවත් සතුන් සමඟ සිටින පුද්ගලයන්ට අවදානමක් තිබෙන බවද වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කලේය.

රෝගය ආසාදනය වීමෙන් වැළකීමට සතුන් සමඟ ගැවසෙන පුද්ගලයන් නිතරම දෑත් සබන් යොදා සෝදන ලෙසත් ආරක්ෂක උපකරණ පළඳින ලෙසත් උපදෙස් ලබා දී තිබෙන බව වෛද්‍ය ජූඩ් ජයමහ මහතා තවදුරටත් පවසා තිබෙනවා.

Trending

Exit mobile version