වෙසක් උත්සවය නිමිත්තෙන් දින 03ක් (මැයි 12,13 හා 14) සියලුම සුරාසැල් වසා තැබීමට ගත් තීරණය හේතුවෙන් පිරිසක් අපහසුතාවයට ලක්වීමක් සේම රටට සුවිශාල ආදායම් අහිමි වීමක් ගැන දිවයින පුවත්පත වාර්තා කර තිබේ.
මෙම සුරාසැල් වසා තැබීමට ගත් තීරණය හේතුවෙන් විදේශිකයන්ට ද ඔවුන් නවාතැන් ගෙන සිටින සුපිරි හෝටල්වලින් මත්පැන් නිකුත් කර නොමැතිවීමෙන් ඔවුන් අපහසුතාවට පත්වී ඇති බවට වාර්තා වේ.
මෙලෙස සුරාසල් දිනක් වසා තැබීමෙන් රුපියල් මිලියන 800ත් 1000ත් අතර ආදායමක් රජයට අහිමි වන බව ද පැවසේ.
තරු පන්තියේ හෝටල්වල නේවාසිකව සිටින විදෙස් සංචාරකයන්ට ද මත්පැන් නිකුත් කළ නොහැකි ආකාරයෙන් මෙවර එම තීරණය ගැනීම සම්බන්ධයෙන් සංචාරක මණ්ඩලයේ ඉහළ නිලධාරියකු සුරාබදු දෙපාර්තමේන්තුවට අප්‍රසාදය පළකර තිබේ.
තම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එවැනි තීරණයක් නොගත් බවත්, එවැනි තීරණයක් ගැනීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් නොකළ බවත් සංචාරක මණ්ඩලයේ ඉහළ නිලධාරියාට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.
මීට පෙර වර්ෂවල තරු පන්තියේ හෝටල්වල නේවාසිකව සිටින විදෙස් සංචාරකයන්ට පමණක් මත්පැන් ලබාදීම සිදුවිය.
මෙවර කැබිනට් තීරණයක් මත සුරාසල් වසා දැමීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට කිසිවක් කළ නොහැකි වී තිබේ.
සුරාසල් අද (14) එනම් එක් දිනක් වසා තැබීම නිසා රජයට රුපියල් මිලියන 800ත් 1000ත් අතර ආදායමක් අහිමි වන බවත් අද සුරාසල් වැසීමේ තීරණය පිළිබඳව අපහැදිලිතාවක් පවතින බවත් සුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මූලාශ්‍රය – දිවයින