පුවත්

කුෂාන්ගේ රාජතාන්ත්‍රික ගුවන්ගමන් බලපත්‍රය අවලංගු කරයි!

Published

on

ඕමානයේ ගණිකා ජාවාරමක් සිදු කළ බව කියන එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන නිලධාරියා වන ඊ. කුෂාන් නැමැත්තාගේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන්ගමන් බලපත්‍රය අවලංගු කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ බව පවසයි.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 03 වන නිලධාරියා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නමැත්තාට එම චෝදනා ඉල්ලවී තිබෙන අතර විමර්ශන කටයුතු සඳහා ඔහුව ලංකාවට ගෙන්වීමට අදාළ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

Trending

Exit mobile version