පුවත්

අත්අඩංගුවට ගත් කුෂාන් රිමාන්ඩ් (Update)

Published

on

අත්අඩංගුවට පත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ.කුෂාන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇත.

ඒ, දෙසැම්බර් 13 වැනිදා දක්වාය.

____________(පෙර පුවත 2022.11.29, පෙ.ව. 10.00)_____________

කුෂාන් ගුවන්තොටුපොළේ දී CID අත්අඩංගුවට (Update)

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ඊ. කුෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔහු අද (29) අලුයම ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීයි.

_____________(පෙර පුවත 2022.11.29, පෙ.ව. 7.51)_____________

කුෂාන්ට රතු වරෙන්තුවක්: 24 එනවා කියල ඇවිත් නැහැ

ඕමාන් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවස්නයේ රැකවරණය යටතේ සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළැයි කියන සිද්ධියකට අදාළ එම තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයාව සිටි එදිරිවාරිගේ කුෂාන් යන අය වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (28) විවෘත වරෙන්තු නිකුත් කළේය.

එම විවෘත වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝගය කළේය.

අදාළ සැකකරු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කිරීමට අවශ්‍ය බැවින් මෙම විවෘත වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සැකකරු ඉකුත් 24 වැනිදා අලුයම යූ එල් 206 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණීමට නියමිතව සිටි බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලිඛිතව තම දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණද එදින ඔහු නොපැමිණී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

Trending

Exit mobile version