පුවත්

කුසලානයේ ආණ්ඩුව අල්ලන ප්ලෑන

Published

on

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු විපක්ෂයේ සියලු මන්ත්‍රිවරු ඒකරාශී කරගෙන ආණ්ඩු බලය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මන්ත්‍රී කණ්ඩායම ඇතුළු පිරිස විසින් පිහිටුවන ලද පොදුජන එක්සත් නිදහස් පෙරමුණ සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉවත්වූ මන්ත්‍රි කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් එකතුවී හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් “කුසලානය’’ ලකුණ යටතේ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ පිහිටුවා ගන්නා ලදී. 

මෙලෙස ආණ්ඩු පක්ෂය පිහිටුවීමේ දී එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙමළ සන්ධානය ඇතුළු පක්ෂවල සහයෝගය ලබාගෙන සන්ධානගත වීමට සැලසුම් කර ඇතැයි ද පැවසේ.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version