Connect with us

පුවත්

කෘතීම මත්ද්‍රව්‍ය නිවාරණය ගැන ජාත්‍යන්තර සමුළුවට ලංකාවත් එක්වෙයි

Published

on

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ මූලිකත්වයෙන්, ඇමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෘතීම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් 2023 ජුලි 7දා  zoom තාක්ෂනය ඔස්සේ පවත්වන ලදී.

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඊශ්‍රායලය, ජර්මනිය, ඉතාලිය, ආජන්ටිනාව, බෙල්ජියම, කැනඩාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, කොරියාව ඇතුළු රටවල්  විශාල සංඛ්‍යාවක විෂය භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙම සමුළුවට සහභාගි වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද සහභාගි විය.

කෘතීම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදා හැරීම මර්දනය කිරීමට ලොව සියලු රටවල් එක්ව කටයුතු කළ යුතුය යන සංකල්පය ඔස්සේ ජාත්‍යන්තර සම්මුතියකට එළඹීම මෙහි අරමුණ විය.

එහිදී විශේෂයෙන් ම දැනට කෘතිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර පවතින රටවල් සහ වෙළඳපල තුළ කෘතීම මත්ද්‍රව්‍ය අලෙවි වුවද නිෂ්පාදනාගාර නොපවතින රටවල් ලෙස කාණ්ඩ දෙකක් යටතේ ලොව රටවල් වර්ග කළ හැකි බවත්, නිෂ්පාදනාගාර පවතින රටවල් එම නිෂ්පාදන කටයුතු වැළැක්වීම සඳහාත්, දැනට නිෂ්පාදනාගාර නොපවතින රටවල් එවැනි නිෂ්පාදනාගාර ඇතිවීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහාත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ලොව රටවල් දැනට භාවිතා කරනු ලබන තාක්ෂණික ක්‍රමවේදයන් සහ මෙවලම් රට රටවල් අතර හුවමාරු කර ගැනීම තුළින් මෙම නිවාරණ කටයුතු වේගවත් කළ හැකි ආකාරය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කිරිම ඇතුළු තවත් වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන ලදී.

කෘතීම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව ලොව වැඩිම රටවල් සංඛ්‍යාවක් සහ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සහභාගී වෙමින් මෑතකදී පැවති පුළුල්තම ජාත්‍යන්තර සාකච්ඡාව මෙය වන අතර රටක් ලෙස ශ්‍රී ලංකාව ද මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට එකඟ විය.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved