Connect with us

පුවත්

“කෘෂි රැකියාවලට රට ගිහින් එන අයට වගා කරන්න ඉඩම් අක්කර දෙකක්”

Published

on

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යලි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක් ලබාදීමට රජය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියයි.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ඊයේ (01) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 

ඒ අනුව විදේශයන් හී කෘෂී කාර්මික ක්ෂේත්‍රයට අදාල රැකියාවල නිරතවූවන් ලබාගත් දැණුම මෙරට ආර්ථිකය සෘජුවම දායක කරගැනීමට මෙම ඉඩම් ලබාදීම සිදුකරන බවද අමාත්‍යවරයා කීය.

මෙම වැඩසහන මගින් මෙරට කෘෂි කාර්මික ක්ෂේත්‍රය තුල පිබිදීමක් මෙන්ම කෘෂි ක්ෂේත්‍රය අදාල නව ව්‍යවසාකයින් බිහිකිරීමට අවස්ථාවද උදාවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

ඒ අනුව අදාල ඉඩම් ලබාදීමට ජනාධිපතිවරයාගේ පූර්ණ සහය සහ අවසරය හිමිවී දී ඇති බවත් ඒ අනුව ඊට අදාලව ඉඩම් අමාත්‍යාංශය සමඟද සාකච්ඡා කර ඇති බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවද දකුණු කොරියාව දියුණු ආර්ථිකයක් බවට පත්වීමට අනුගමනය කළ පියවරයන් ආදර්ශයක් කරගතයුතු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, එරට විගමනික ශ්‍රමකයින් යලි සිය රටට පැමිණිමෙන් පසුව ව්‍යවාසයකින් බවට පත් වූ ආකාරයෙන්ම මෙරට විගමනික ශ්‍රමයින්ද යලි දිවයිනට පැමිණීමෙන් පසුව ව්‍යවසායකින් බවට පත් කළයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ව්‍යවාසයයින් බිහිකිරීම මගින් ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙනයන වැඩපිළිවෙලේ කොටස් කරුවෙකු බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයද පත්විය යුතු බවත්, එහිදී මෙරට ජනගහනයෙන් සියයට 10ක් ව්‍යවසායකින් බවට පත් කිරීමේ අරමුණ ඇතිව කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම වසර තුලදී මෙරට තුල නව ව්‍යවසායකයින් බිහි කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි අවධානයක් යොමු කළයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved