පුවත්

කෙසෙල්වත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Published

on

කොළඹ කෙසෙල්වත්තේ දී අද (30) සවස සිදු කළ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

 කෙසෙල්වත්ත පොලිස් වසමේ, මාටින් ලේන් ප්‍රදේශයේ දී මේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මේ වෙඩි තැබීම සිදුකර ඇත.

Trending

Exit mobile version