පුවත්

කෙසෙල්වත්ත පොලිසිය බී වාර්තාව ඉවත්කර ගනියි!

Published

on

පසුගිය 18දා අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ නීතීඥයින් පිරිසක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට ගොනුකළ බී වාර්තාව ඉල්ලා අස්කරගෙන ඇතැයි වාර්තා වේ.

මෙම “බී” වාර්තාව ඉදිරිපත් කිරීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබුණු අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කර තිබුණේ කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මෙලෙස කටයුතු කර ඇත්තේ පොලිස්පතිවරයාගේ හෝ පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාශයේ දැනුමකින් තොරව බවයි.

ඒ අනුව ඒ පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

මේ අතර, මීට අදාළව සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

Trending

Exit mobile version